Wednesday, March 9, 2016

ජී.එච්.පෙරේරා (G.H. Perera)


ජී.එච්.පෙරේරා (G.H. Perera)

ජීවන තොරතුරු
කොළඹ යුගයේ විසු සුප්‍රකට කාව්‍ය රචකයෙක් වු ජී.එච්.පෙරේරා මහතා 1896 නොවැමිබර් මස 3 වැනිදා උපත ලැබීය. බොරැලැස්ගමුවේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙන් අධ්‍යපනය ලබා ගුරු වෘත්තියට පිවිස උප ගුරුවරයෙක් ලෙස නිකපේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාවේද විදුහල්පතිවරයෙක් වශයෙන් කිරුළපන බෞද්ධ මිශ්‍ර පාඨශාලාව, කොල්ලුපිටියේ ජිනරාජ විද්‍යාලය හා මුල්ලේගම බෞද්ධ මිශ්‍ර පාඨශාලාව යන විද්‍යාලවලද සේවය කළේය.
ප්‍රවීණ ගුරුවරයෙකු මෙන්ම සාහිත්‍යධරයෙක් බවටද පත්වු මෙතුමා ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික ප්‍රබෝධය උදෙසා කාව්‍ය නිර්මාණය කළේය. සිංහල ජාතිය,සරසවි සඳරැස,සිංහල බෞද්ධයා,කවීන්ද්‍ර,ස්වදේශ මිත්‍රයා වැනි පුවත්පත් හා සඟරාවලට මෙතුමා මුලින්ම පද්‍ය නිර්මාණය කළේය. මෙතුමාගේ නිර්මාණ උපහාසය හා හාස්‍ය රසයෙන්ම යුක්ත විය. ලක්දිව ඉතිහාසය හා සංස්කෘතිය අළලා ලියන ලද ගද්‍ය කෘති කිහිපයක්ද වෙයි. හෙලදිව අභිදානය එවැන්නකි. ඒ ලෙසම ආගමික අතින්ද ජනප්‍රියත්වයට පත්වු භක්ති කාව්‍යයක් ලෙස බුද්ධ ස්ත්‍රෝත හෙවත් බුදුරජාණන් වහන්සේ නැමති කාව්‍ය හඳුන්වා දිය හැකිය. සමස්ත ලංකා ජාතික ගුරු සංගමයේ හා සමස්ත ලංකා සිංහල කවි සමිමේලනයේ සභාපති ලෙසද අගනුවර තරුණ කවි සමාජයේ අනුශාසකවරයෙකු ලෙසද කටයුතු කළේය. මෙතුමා හිටිවන කවි කීමෙහිද දක්ෂයෙක් විය.
මේ අයුරින් සිංහල සාහිත්‍යයට සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ මෙතුමා 1948 සැප්තැමිබර් 18 වැනිදා ලක් මවගෙන් සමුගත්තේය.
නිර්මාණ
පද්‍ය පන්ති
  • බේබදු ගෙදර,පරලොවට පණිවිඩයක්,සුදුඅන්තුවා,කුරක්කන් හේන බුද්ධ ස්තෝත්‍ර හෙවත් බුදුරජාණන් වහන්සේ
පද්‍ය කෘති
  • වරකා මදුලු
ගද්‍ය කෘති
  • හෙළදිව අභිදානය

2 comments:

  1. Thank you so much.. . Very useful for a/l lessons. Thanks again

    ReplyDelete
  2. Hard Rock Hotel Casino & Spa - MapyRO
    Find 남양주 출장마사지 all 김천 출장안마 information and best deals 충주 출장마사지 of Hard Rock Hotel Casino & Spa, 나주 출장마사지 Las Vegas on MapyRO. Hard Rock Hotel and Casino, Las 사천 출장안마 Vegas, Nevada.

    ReplyDelete