Wednesday, March 9, 2016

ගුණදාස අමරසේකර (Gunadasa Amarasekara)

ගුණදාස අමරසේකර (Gunadasa Amarasekara)

ජීවන තොරතුරු
ගුණදාස අමරසේකර මහතා උපත ලැබුවේ 1929 නොවැම්බර් මස 12 වැනි දින ගාල්ලේ යටලමත්ත නම් ග්‍රාමයේය. ඔහුගේ පියා දක්ෂ ආයුර් වේද වෛද්‍යවරයෙකු වූ අතර සිංහල, පාලි  සහ සංස්කෘත යන භාෂා පිළිබඳව හසල දැනුමක් ඇත්තෙකි. මව යටලමත්ත ප්‍රාථමික විදුහලේ විදුහල්පතිනියයි. ගුණදාස අමරසේකර මහතාට සහෝදරයන් දෙදෙනකු වන අතර ඔහු පවුලේ මද්දුමයාය.
අමරසේකර මහතා ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ සිය මෑණියන් විදුහල්පතිනිය ලෙස කටයුතු කළ යටලමත්ත ප්‍රාථමික විදුහලෙනි. ප්‍රාථමික අධ්‍යාපනය සිංහල මාධ්‍යයෙනි. අනතුරුව ඔහු වැඩිදුර අධ්‍යාපනය ලැබීම සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළු විය. එහිදී ඔහු ලැබුවේ ඉංශ්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයකි.
පාසල් අධ්‍යාපනය හමාර කරමින් පේරාදෙණිය සරසවියේ වෛද්‍ය අංශයට සුදුසුකම් ලැබු ගුණදාස අමරසේකර මහතා 1957 වසරේ දන්ත වෛද්‍යවරයකු වශයෙන් සරසවියෙන් පිටවිය.
මේ සියළු අධ්‍යාපන කටයුතු අතර වුවද සිංහල භාෂාව සහ එහි භාවිතය පිළිබඳව විශාල නැඹුරුවක් අමරසේකර මහතා පළ විය. හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, කහවේ රතනසාර හිමි සහ බැද්දේගම පියරතන හිමි ආදී ප්‍රාවීන පඩිරුවන් අමරසේකර මහතාගේ පිය පාර්ශවයේ ඥාතිවරුන් වීම එම භාෂා  ඥාණය වැඩි දියුණු කරගැනීමෙහි ලා ඒ මහතාට මහගු රුකුලක් විය. ඔවුන් ඇසුරින් වැඩි දියුණු කරගත් බස නිසි ලෙස හසුරුවමින් හෙතෙම කෙටි කතා, නව කතා, කාව්‍ය, සාහිත්‍ය විචාර සහ වෙනත් විවිධ අංශයන්ට අදාළ කෘති ගණනාවක් රචනා කළේය.
නිර්මාණ
ගුණදාස අමරසේකර මහතා විසින් රචිත කෙටි කතා
  • ජීවන සුවඳ
  • රතු රෝස මල
  • කතා පහක්
  • එක්ටැමින් පොළොවට
ඒ මහතා විසින් රචිත නව කතා
  • කරුමක්කාරයෝ
  • යළි උපන්නෙමි
ඒ මහතාගේ වෙනත් කෘති
  • ගන්ධබ්බ ආපදානය
  • දෙපා නොලද්දෝ
  • අසත්‍ය කතාවක්
  • ප්‍රේමයේ සත්‍ය කතාව
  • ආවර්ජනා
  • භාව ගීත
  • අමල්බිසෝ
  • ගුරුළු වත
වර්තමානයේ ඔහු කොළඹ මහ රෝහලේ දන්ත වෛද්‍ය අංශයේ ප්‍රධානියා ලෙස සේවය කරයි

2 comments: