Wednesday, March 9, 2016

මහගම සේකර (Mahagama Sekara)

මහගම සේකර (Mahagama Sekara)

ජීවන තොරතුරු
කොළඹ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරලයේ රදාවානේ මහවත්තේදී 1929 අප්‍රේල් 07 වන දින උපත ලැබීය. මහගමගේ ජෝන් අප්පුහාමි පියා විය. රණවක ආරච්චිගේ රොසලින් නෝනා මව විය. පවුලේ එකම දරුවා සේකර විය. මූලික අධ්‍යාපනය ලැබුවේ රදාවාන රජයේ පිරිමි විදුහලෙනි. පාසල් අවධියේ නම වූයේ මහගමසේකර යනුවෙනි. පාසල් අවධියේදී ගායනයට හා වාදනයට එකසේ ඇළුම් කළේය.
කනිෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය සඳහා ඉල්ලුම් කිරීමේදී උප්පැන්න සහතිකයේ නම වෙනස් වී මහගමගේ සේකර යනුවෙන් සඳහන් වී ඇත. 1943 වසරේදී කනිෂ්ඨ පාඨශාලා විභාගයෙන් සමත් වූ සේකර උසස් අධ්‍ය පනය සඳහා කිරිඳිවැල සිංහල පිරිමි විදුහලට ඇතුල් විය. එම විදුහලෙන් සේකර ජ්‍යේෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගයෙන් උසස් ලෙස සමත් විය. මෙම කාලයේදී ඔහු කොළඹ ටෙක්නිකල් විදුහලේ චිත්‍රකර්ම ශිල්පය දියුණු කර ගත්තේය. 1949 දී පැවති චිත්‍ර කර්ම ගුරු විභාගයෙන් උසස් ලෙස සමත් විය. 1950 ජනවාරි 30 වනදා නිට්ටඹුව ගුරු විදුහලට ඇතුළු විය.
1952 දී රාජගිරිය හේවාවිතාරණ බෞද්ධ මිශ්‍ර පාසලට ගුරුවරයෙකු වශයෙන් පත්වීමක් ලැබීය. සය වසරක් ගුරුවරයෙකු වශයෙන් සිටි සේකර තරඟ පරීක්‍ෂණයකින් තේරී රාජ්‍ය භාෂා දෙපාර්තමේනතුවේ භාෂා පරිවර්තකයෙකු ලෙස පත්වීමක් ලැබීය. 1960 දී එයින් අස් වූ සේකර ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහන් සම්පාදකයෙකු වශයෙන් සේවයට එක්විය. 1963දී උපාධිධාරි ගුරුවරියක් වූ කුසුම්ලතා සුරවීර මෙනවිය සමග විවාහ විය. 1968 දී ගුවන් විදුලියෙන් අස් වූ සේකර මීරිගම ගුරු අභ්‍යස විද්‍යාලයේ කථිකාචාර්ය තනතුරක් ලැබීය. 1969 දී විද්‍යෝද්‍යය විශ්ව විද්‍යාලයෙන් සිංහල උපාධිය ලබා ගත්තේය. 1971 දී ලලිත කලායතනයේදී විදුහල්පති වශයෙන් පත්විය. 1974 දී විද්‍යෝද්‍යය මණ්ඩපයෙන් පී.එච්.ඩී. උපාධිය ලබා ගත්තේය. 1974 දී ජනවාරි 14 වනදා හදිසි හෘදයා බාධයකින් සේකර ගියේය.
නිර්මාණ
1961 දී වෝරා පබ්බත, කුණ්ඩළකේසි, ස්වරණතිලකා, සද්දන්ත ආදි නාට්‍ය එකතුවක් පලකෙරින.
1962 දී මූදුපුත්තු නාට්‍යය බිහි කළේය.

10 comments: