Wednesday, March 9, 2016

පියසේන නිශ්ශංක (Piyasena Nissanka)

පියසේන නිශ්ශංක (Piyasena Nissanka)

ජීවන තොරතුරු
පුවත්පත් කලාවේදියෙකු මෙන්ම සාහිත්‍ය රචනයෙකු වන පියසේන නිශ්ශංක මහතා 1889 දී ගම්පහ සියනෑ කොරළයේ කැන්ද ලියද්ද පාළුවේදී මෙලොව උපත ලැබීය. මූලික අධ්‍යාපනය උඩුගම්පොල ද්විභාෂා පාසලෙන් ලබා පසුව කොළඹ ආනන්ද මහා විද්‍යාලයට ඇතුලත් වී උසස් අධ්‍යාපනය ලබා ගත්තේය. ඉන්පසු ආනන්ද විද්‍යාලයෙන් ඉගෙනුම අවසන් කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වූයේ වෛද්‍යවරයකු වීමේ බලාපොරොත්තුවෙනි. වැඩිපුර අධ්‍යාපනය සඳහා පසුව ඉන්දියාවේ කල්කටා නුවර බල්ගේෂියා වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් විය. නමුත් පියා මියයෑමෙන් පසු ලංකාවට ඒමට සිදුවිය.
මේ හේතුව නිසා එතුමාගේ බලාපොරොත්තුව වෙනත් දෙයකට යොමු කිරීමට සිදුවිය. ඒ නිසා එතුමා දිනමිණ පුවත්පතේ භාෂා පරිවර්තකයෙකු ලෙස සේවයට බැඳුනි. පසුව ප්‍රධාන කර්තෘවරයකු බවටද පත්විය. විසිපස් වසරක් කොකඩවා ප්‍රධාන කර්තෘ ලෙස වාර්තා ගතවන අයුරින් සේවය කළේය. 1930 හා 1940 දශකවල නිදහස් සටන උදෙසා හරවත් තතු ලියමින් විශේෂ ලිපි පල කරමින් නිදහස් සටනේ පුරෝගාමියෙකු ලෙස කටයුතු කළ අතර 1930 “සිළුමිණ“ ආරම්භ වීමත් සමග එහි ආරම්භක කතුවරයා වූයේද මෙතුමාය. 1965 දී බෞද්ධ ජනතාව උදෙසා “බුදුසරණ“  පත්‍රයේ ආරම්භක කතුවරයාද පියසේන මහතාය. ඒ වගේම 1969 දී ආරම්භ කළ “සුබසේන“ පත්‍රයේ ආරම්භක කතුවරයා වූයේද මෙතුමාය.
ලේඛන කලාව පිළිබඳ දැනුමක් පාඨක හදවත් තුළ ඇතිකර තම පෑන්තුඩින් ඉදිරිපත් කළ කතුවැකි සමාජයේ දුර්වල තැන් වලට මෙන්ම පාලකයන්ගේ දුර්වල තැන්වලටද පහරක් විය. පුවත්පත් කලාවට පමණක් නොව සිංහල සාහිත්‍යයට අනුපමේය සේවයක් මෙතුමා ඉටුකළේය. ගැමි පරිසරය ප්‍රිය කරමින් ඒ චරිත වලට ගැලපෙන සේ කෙටිකතා නිර්මාණය කළේය. පාලි සංස්කෘතික වැනි භාෂා පිළිබඳවද දැනුමක් ලබාසිටි මෙතුමා “මාච්ඡාකටිකා“ නම් සංස්කෘතික ග්‍රන්ථය “මැටි කරත්තය“ නමින් සිංහලට පරිවර්තනය කළේය. කුමාරතුංග මුනිදාසයන්ගේ “ඇ“ කාරයට එරෙහිව විවිධ ඇරූඬ නම් වලින් දිනමිණ පුවත්පතේ පලකළ අදහස් උගත් සමාජයේ සැලකිල්ලට භාජනය විය. පැරකුම් සේන, බාසුරු, පිටිසරයා ඇරූඬ නම් විය.
මේ අයුරින් සිංහල සාහිත්‍යයට මෙන්ම පුවත්පත් කලාවටද විශාල සේවයක් ඉටුකළ මෙතුමා 1970 ඔක්තෝම්බර් 11 වැනිදා අප අතරින් සමුගත්තේය.
නිර්මාණ
කෘති
  • හීන් හාමිනෙ
  • ඔය බඩ ගෙදර
  • වදුල
  • ගිනි සිසිල
  • දිවමල් දිවිසළු
  • පරිවර්තන කෘති
  • මැටි කරත්තය 

0 comments:

Post a Comment