Wednesday, March 9, 2016

ටී.බී. ඉලංගරත්න (T.B.Ilangarathna)

ටී.බී. ඉලංගරත්න (T.B.Ilangarathna)

ජීවන තොරතුරු

ටී.බී.ඉලංගරත්න මහතා 1913 පෙබරවාරි මස 27 වනදින තුම්පනේ හතරලියද්ද ගමිමානයේ උපත ලැබීය. ර‍‍ටට වැඩදායි ශ්‍රේෂ්ඨ යුග පුරුෂයෙකු වු ඵතුමා අග්‍රගන්‍ය සාහිත්‍යධරයෙකු මෙන්ම කීර්තිධර දේශපාලයෙකු ලෙසත් අමරණීය සේවාවක් ඉටු කර ඇත.
 
1971 දී හතරලියද්ද රජයේ පාසැලට ඇතුළු වු මෙතුමා පසුව ගලගෙදර විද්‍යාලයෙන් හා සාන්ත අන්තෝනි යන විද්‍යාල වලින් ද අධ්‍යාපනය හදාරා ඇත. ‍මේ කාලයේදී “අකීකරු පුත්‍රයා“ හෙමින් සහ “අන්ධ නන්ද” යන නාට්‍ය ත්‍රිත්වය ඔහු විසින් නිෂ්පාදනය කරන්නට යෙදුනි. පසුව ලන්ඩන් මැට්‍රික්‍යුලේෂන් විභාගයෙන්ද ගෞරව සහිතව සමත් වු මෙතුමා තුන්වන ශ්‍රේණි‍යේ ලිපිකරුවෙකු ලෙස රාජ්‍ය සේවයට බැඳුනේය. මේ අතර කලා කටයුතු ද අත් නොහල හෙතම 1941 දී ගුණසීල විතානගේ මහතාගේ “සීගිරි කාශ්‍යප” නාට්‍යයේ ධාතුසේන රජුගේ චරිතය රඟපෑවේය.

1944 සැප්තැමිබර් 04 වන දින ටී.බී ඉලංගරත්න මහතා කුමාරි අළුදෙනිය මෙනවිය සමඟ ගමිපල උනමිබුවේදී විවාහ විය. 1947 දී රජයේ සේවයෙන් ඉවත්වන්නට ටී.බී.ට සිදුවිය. ඉන් පසුව ඔහු කළේ එම වසරේම පැවැත්වීමට නියමිතව තිබූ මැතිවරණයට ස්වාධීන සමාජවාදී අපේක‍්ෂකයකු ලෙස මහනුවර ආසනය වෙනුවෙන් නාම යෝජනා භාර දීමයි. නමුත් එම මැතිවරණයෙන් පරාජයවන්නට ඔහුට සිදුවිය. නමුත් 1948 මැයි මස 18 වන දින මහනුවර ආසනය සඳහා පැවැති අතුරු මැතිවරණයේදී මහනුවර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් ඒ මහතා තේරී පත්විය.   ඉන් පසු එතුමාගේ වසර ගණනාවක දේශපාලන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් වන්නේ 1986 අප්‍රේල් 12 වන දින කම්කරු, නිවාස හා සමාජ සේවා අමාත්‍යවරයා වශයෙන් පත් වීමයි. ජාත්‍යන්තර දිනය සමරන මැයි පළමුවනදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට මෙන්ම සේවක අර්ථසාධක අරමුදල පිහිටුවීමටද ඉලංගරත්න මැතිතුමා මුල්විය. පසු කලෙක, එනම් 1974 දී වැඩ බලන රාජ්‍ය නායක ලෙසද පත් විය. එසේම 1983 දී ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සභාපති පදවියට පත් වීමටද එතුමාට හැකි විය. විශිෂ්ඨ දේශපාලඥයකු ලෙස දේශපාලන කරලියේ බැබලෙන අතරම සාහිත්‍යකරණයේ නියැලීමටද ඉලංගරත්න මහතා අමතක නොකළේය. මේ කාලය අතරතුර ඔහු අතින් පොත් ගණනාවක් රචනා විනි.
ඉලංගරත්න මහතා 1986 වර්ෂයේදී ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් ඉල්ලා අස් වී දේශපාලන කටයුතු වලින් විශ්‍රාම ගත්තේය. 1992 මැයි 21 වන දින මේ උදාර යුග පුරුෂයාණෝ අභාවප්‍රාප්ත වූහ.

ගුණදාස අමරසේකර (Gunadasa Amarasekara)

ගුණදාස අමරසේකර (Gunadasa Amarasekara)

ජීවන තොරතුරු
ගුණදාස අමරසේකර මහතා උපත ලැබුවේ 1929 නොවැම්බර් මස 12 වැනි දින ගාල්ලේ යටලමත්ත නම් ග්‍රාමයේය. ඔහුගේ පියා දක්ෂ ආයුර් වේද වෛද්‍යවරයෙකු වූ අතර සිංහල, පාලි  සහ සංස්කෘත යන භාෂා පිළිබඳව හසල දැනුමක් ඇත්තෙකි. මව යටලමත්ත ප්‍රාථමික විදුහලේ විදුහල්පතිනියයි. ගුණදාස අමරසේකර මහතාට සහෝදරයන් දෙදෙනකු වන අතර ඔහු පවුලේ මද්දුමයාය.
අමරසේකර මහතා ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ සිය මෑණියන් විදුහල්පතිනිය ලෙස කටයුතු කළ යටලමත්ත ප්‍රාථමික විදුහලෙනි. ප්‍රාථමික අධ්‍යාපනය සිංහල මාධ්‍යයෙනි. අනතුරුව ඔහු වැඩිදුර අධ්‍යාපනය ලැබීම සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළු විය. එහිදී ඔහු ලැබුවේ ඉංශ්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයකි.
පාසල් අධ්‍යාපනය හමාර කරමින් පේරාදෙණිය සරසවියේ වෛද්‍ය අංශයට සුදුසුකම් ලැබු ගුණදාස අමරසේකර මහතා 1957 වසරේ දන්ත වෛද්‍යවරයකු වශයෙන් සරසවියෙන් පිටවිය.
මේ සියළු අධ්‍යාපන කටයුතු අතර වුවද සිංහල භාෂාව සහ එහි භාවිතය පිළිබඳව විශාල නැඹුරුවක් අමරසේකර මහතා පළ විය. හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, කහවේ රතනසාර හිමි සහ බැද්දේගම පියරතන හිමි ආදී ප්‍රාවීන පඩිරුවන් අමරසේකර මහතාගේ පිය පාර්ශවයේ ඥාතිවරුන් වීම එම භාෂා  ඥාණය වැඩි දියුණු කරගැනීමෙහි ලා ඒ මහතාට මහගු රුකුලක් විය. ඔවුන් ඇසුරින් වැඩි දියුණු කරගත් බස නිසි ලෙස හසුරුවමින් හෙතෙම කෙටි කතා, නව කතා, කාව්‍ය, සාහිත්‍ය විචාර සහ වෙනත් විවිධ අංශයන්ට අදාළ කෘති ගණනාවක් රචනා කළේය.
නිර්මාණ
ගුණදාස අමරසේකර මහතා විසින් රචිත කෙටි කතා
  • ජීවන සුවඳ
  • රතු රෝස මල
  • කතා පහක්
  • එක්ටැමින් පොළොවට
ඒ මහතා විසින් රචිත නව කතා
  • කරුමක්කාරයෝ
  • යළි උපන්නෙමි
ඒ මහතාගේ වෙනත් කෘති
  • ගන්ධබ්බ ආපදානය
  • දෙපා නොලද්දෝ
  • අසත්‍ය කතාවක්
  • ප්‍රේමයේ සත්‍ය කතාව
  • ආවර්ජනා
  • භාව ගීත
  • අමල්බිසෝ
  • ගුරුළු වත
වර්තමානයේ ඔහු කොළඹ මහ රෝහලේ දන්ත වෛද්‍ය අංශයේ ප්‍රධානියා ලෙස සේවය කරයි

මාර්ටින් වික්‍රමසිංහ (Martin Wikramasinghe

මාර්ටින් වික්‍රමසිංහ (Martin Wikramasinghe

ජීවිත තොරතුරු
මහැදුරකු නොවී මහැදුරින් දිනූ මහා ප්‍රාඥයා
1890 වෙසක් මස 29 දා ලක්දිව දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයට අයත් හබරාදූව ප්‍රදේශයේ කොග්ගල මලල ගමදී උපත ලැබීය. පියා ළමා හේවගේ දොන් මාර්ටින් බස්තියන් සිල්වා සහ මව ලියනගේ නොච්චිහාමි මාතාවයි. දස දෙනෙකුගෙන් යුතු පවුලේ එකම පිරිමි දරුවා වීමේ භාග්‍ය ලැබුවේ වික්‍රමසිංහය. ළඳරු වික්‍රමසිංහයන් මුලින්ම අකුරු කරනු ලැබුවේ ගමේ අන්දිරිස් ගුරුන්නාස්ගේ ගුරු ගෙදරිනි.
ඉන්පසුව ගාල්ලේ බොනවිස්නා විදුහලෙන්ද අහංගම සිංහල පාසලෙන්ද අධ්‍යපනය ලැබීය. පස්වන ශ්‍රේණියෙන් පාසල් අධ්‍යාපනය නිමා කළ ඔහු සිය පවුලේ ආර්ථික අපහසුතා නිසා පාසල් ගමන නතර කළද පොත්පත් පරිශිලනය කිරීමේ පුරුද්දක් ඔහු ඈත් වූයේ නැත.
කොළඹ කරෝලිස් සිල්වා සාප්පුවේ හා කොළමේ ජෝන්ද සිල්වා සමාගමේ ලියන්නෙකු ලෙසද, මඩකලපුවේ කොරනොලිස් සිල්වා වෙළෙඳසැලේ ඉතා අඩු වැටුපකට රැකියාව කළ ඔහු 1920 දී එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ රැකියාවට වැදුණු අතර, 1925 නොවැම්බර් 30 දා කතළුවේ ප්‍රේමාද සිල්වා මෙනෙවිය සමග විවාහ විය. මෙම විවාහයෙන් දරුවන් හය දෙනෙකුගේ ආදරණීය පියා වීමේ වාසනාව වික්‍රමසිංහට හිමි විය.
කොළඹ කරෝලිස් සිල්වා සාප්පුවේ හා කොළඹ ජෝන්ද සිල්වා සමාගමේ ලියන්නෙකු ලෙසද, සුරංගනා, වීරකතා, රහස් පරීක්‍ෂක කතාන්දර ඔස්සේ ගොඩ නැග තිබූ අපේ ළමා කතා සාහිත්‍ය නව මගකට යොමුකළ, මාර්ටින් වික්‍රමසිංහගේ මඩොල්දූව, අපේ ගම කෘතින්ගෙන් තොරව දේශීය ගුණ සුවඳින් පිරුණු ගෙනහැඑ පෑම ඉතා උගහටය. ඊට හේතුව මාදං, බෝවිටියා, කිරල ළඳු කැලෑ අතර තම බාලවියේ කරක් ගැසූ වික්‍රමසිංහ ස්වීයඅත්දැකීම් මහා පරිකල්පනයකින් යුතුව ළමා සිත් පමණක් නොව වැඩ හිටි සිත්ද ඇද බැඳ ගන්නා අයුරින් ප්‍රතිනිර්මාණය කළ නිසාවෙනි. විසිවන සියවසේ කලාත්මක ළමා සාහිත්‍ය නිර්මාණයන් කිරීමේ පුරෝගාමිකයන් අතර වික්‍රමසිංහ ප්‍රමුඛස්ථානයක් ගනී.
වික්‍රමසිංහයන් අතින් ජීවිතාන්තය දක්වා ලියැවුණු කෙටි කතා ගණන 108 කි. කෙටි කතා සංග්‍රහ වශයෙන් 13ක් මුද්‍රණයෙන් එළිදක්වා ඇත. ගැහැනියක්(1924), චරිතා දර්ශකතා(1927),බිල්ල සහ අපූරු මුහුණ(1944), හද සාක්කි කීම(1946) , මගේ කථාව(1947), පව්කාරයාට ගල් ගැසීම(1936), වහල්ලු(1951) ඒවායින් සමහරෙකි. එතුමා 1976 ජූලි 23 දා ජාතියෙන් සදහටම සමුගත් වගයි. 


කෘති ලැයිස්තුව
සිනමා කෘතින්
  • කලියුගය
  • මඩොල්දුව
  • විරාගය
  • ගමපෙරළිය
  • යුගාන්තය
නවකතා
  • ලීලා - 1914
  • සෝමා - 1920
  • අයිරාංගනී - 1923
  • සීතා - 1923
  • මිරිඟු දිය - 1925
  • උන්මාද චිත්‍රා - 1929
  • රෝහිණී - 1929
  • ගම්පෙරළිය - 1944
  • මඩොල් දූව - 1947
  • යුගාන්තය - 1949
  • විරාගය - 1956
  • කලියුගය - 1957
  • කරුවල ගෙදර - 1963
  • බවතරණය - 1973
කෙටිකතා
  • ගැහැනියක්(1924)
  • බිල්ල සහ අපූරු මුහුණ(1944)
  • මගේ කථාව(1947)
  • මගුල් ගෙදර
  • හද සාක්කි කීම(1946)
  • වහල්ලු(1951)
  • පව්කාරයාට ගල් ගැසීම(1936)
  • අපේ විත්ති
  • කතා අහුර
ජීවිතය ඇසුරින්....
  • කළුනික සෙවීම
  • අපේගම
  • උපන් දා සිට
දෘෂ්‍ය කාව්‍ය....
  • විජිතා
  • මයුරි
  • චිත්‍රා
විචාරාත්මක නිබන්ධ .....
  • විචාර ලිපි
  • ගුත්තිල ගීතය
  • සාහිත්‍ය කලාව
  • සිංහල විචාර මග
  • බණ කතා සාහිත්‍යය
  • කාව්‍ය විචාරය
  • නව පද්‍ය සිංහලය
  • සාහිත්‍යෝදය කතා
  • ඇත්ත යුත්ත
  • සම්ප්‍රදාය හා විචාරය
  • ජාතක කතා විමසුම
  • රස වාදය හා බෞද්ධ කාව්‍යය
  • සිංහල සකස්කඩ
ළමා පොත්
ඥානෝදය කථා
විද්‍යා විනෝද කථා

මහගම සේකර (Mahagama Sekara)

මහගම සේකර (Mahagama Sekara)

ජීවන තොරතුරු
කොළඹ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරලයේ රදාවානේ මහවත්තේදී 1929 අප්‍රේල් 07 වන දින උපත ලැබීය. මහගමගේ ජෝන් අප්පුහාමි පියා විය. රණවක ආරච්චිගේ රොසලින් නෝනා මව විය. පවුලේ එකම දරුවා සේකර විය. මූලික අධ්‍යාපනය ලැබුවේ රදාවාන රජයේ පිරිමි විදුහලෙනි. පාසල් අවධියේ නම වූයේ මහගමසේකර යනුවෙනි. පාසල් අවධියේදී ගායනයට හා වාදනයට එකසේ ඇළුම් කළේය.
කනිෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය සඳහා ඉල්ලුම් කිරීමේදී උප්පැන්න සහතිකයේ නම වෙනස් වී මහගමගේ සේකර යනුවෙන් සඳහන් වී ඇත. 1943 වසරේදී කනිෂ්ඨ පාඨශාලා විභාගයෙන් සමත් වූ සේකර උසස් අධ්‍ය පනය සඳහා කිරිඳිවැල සිංහල පිරිමි විදුහලට ඇතුල් විය. එම විදුහලෙන් සේකර ජ්‍යේෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගයෙන් උසස් ලෙස සමත් විය. මෙම කාලයේදී ඔහු කොළඹ ටෙක්නිකල් විදුහලේ චිත්‍රකර්ම ශිල්පය දියුණු කර ගත්තේය. 1949 දී පැවති චිත්‍ර කර්ම ගුරු විභාගයෙන් උසස් ලෙස සමත් විය. 1950 ජනවාරි 30 වනදා නිට්ටඹුව ගුරු විදුහලට ඇතුළු විය.
1952 දී රාජගිරිය හේවාවිතාරණ බෞද්ධ මිශ්‍ර පාසලට ගුරුවරයෙකු වශයෙන් පත්වීමක් ලැබීය. සය වසරක් ගුරුවරයෙකු වශයෙන් සිටි සේකර තරඟ පරීක්‍ෂණයකින් තේරී රාජ්‍ය භාෂා දෙපාර්තමේනතුවේ භාෂා පරිවර්තකයෙකු ලෙස පත්වීමක් ලැබීය. 1960 දී එයින් අස් වූ සේකර ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහන් සම්පාදකයෙකු වශයෙන් සේවයට එක්විය. 1963දී උපාධිධාරි ගුරුවරියක් වූ කුසුම්ලතා සුරවීර මෙනවිය සමග විවාහ විය. 1968 දී ගුවන් විදුලියෙන් අස් වූ සේකර මීරිගම ගුරු අභ්‍යස විද්‍යාලයේ කථිකාචාර්ය තනතුරක් ලැබීය. 1969 දී විද්‍යෝද්‍යය විශ්ව විද්‍යාලයෙන් සිංහල උපාධිය ලබා ගත්තේය. 1971 දී ලලිත කලායතනයේදී විදුහල්පති වශයෙන් පත්විය. 1974 දී විද්‍යෝද්‍යය මණ්ඩපයෙන් පී.එච්.ඩී. උපාධිය ලබා ගත්තේය. 1974 දී ජනවාරි 14 වනදා හදිසි හෘදයා බාධයකින් සේකර ගියේය.
නිර්මාණ
1961 දී වෝරා පබ්බත, කුණ්ඩළකේසි, ස්වරණතිලකා, සද්දන්ත ආදි නාට්‍ය එකතුවක් පලකෙරින.
1962 දී මූදුපුත්තු නාට්‍යය බිහි කළේය.

කේ.ජයතිලක (K.Jayathilake)

කේ.ජයතිලක (K.Jayathilake)

ජීවන තොරතුරු
ගම්පහ සිය නෑ කෝරළයේ ගඟ බඩ පත්තුවේ රදවාන පේරුවට අයත් කන්තිමහරයේ දී 1926 ජූනි 27 වන ඉරිදා, පියා වන කළු අච්චිගේ අරනෝලිස් අප්පුහාමිට සහ මව වන මද්දුමගේ පොඩි නෝනාට දාව උපත ලැබු ජයතිලක, සහෝදරයන් නව දෙනෙකුගෙන් යුත් පවුලේ තෙවැනියාය.
රඳවානේ ආණ්ඩුවේ පිරිමි පාසලෙන් (දැන් මහගම සේකර මහා විදුහල) අධ්‍යාපනය ලැබූ, මොහුගේ සමකාලීනයා මහගම සේක වේ. නොමිලේ බෙදාහරින රත්නාකර පොත් මිල දර්ශනය මොහුට ලැබුණ මුල්ම තෑග්ග වශයෙන් සදහන් වේ. පාසල් යන අවධියේ “විජය නාට්‍යෙය් “ තාපසකයකු ලෙස රඟපෑ මොහු, “විදු විදුහ“ නමින් සංගමයක් බිහිකළේය.
තේ සහ ඔයිල්මන් බඩු කඩයක මුදල් අයකැමි තනතුර ජයතිලකගේ මුල්ම රැකියාව වියත ඉන්පසු තැපැල් මාර්ගික විදුහලක වැඩ කර ඇත.
පසුව  ඔහු ලන්ඩන් විශ්ව විදුහල ඇතුල් වී ඉතිහාසය,  නීති විදුහලට ඇතුලත් වී අවුරුද්ද   අධි නීතීඥ පාඨමාලාවක්ද හැදෑරීය. මෙතුමා 1954 විවාහ විය.
මෙතුමා ආචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර මහතා සමඟ “ජනරංගන සභාව“ ටද එක්වී ඇත 


නිර්මාණ
නවකතා
පුංචි රාළ, පුංචි රාළගේ මරණය, කාලෝ අයන්ති, චරිත තුනක්, දෙලොවට නැති අය, පරාජිතයෝ, අප්‍රසන්න කතාවක්, මතු සම්බන්ධයි, රාජපක්‍ෂ වළව්ව, අධිෂ්ඨානය, පිතාමහ, අර්ධ නවකතාවක්, පියා සහ පුත්තු, මහල්ලෙකුගේ ප්‍රේම කතාවක්, මායා මාළිඟා
කෙටි කතා
එක ගෙයි අවුරුද්ද, අතිරණය, පුනරුත්පත්තිය, වජිර පබ්බත, කටු සහ මල්, නොනිමි සිත්තම, දියණිය ආපසු යයි
පද්‍ය කෘති
වියෝදසත
සාහිත්‍ය විචාර
සිංහල කතා කලාවේ විකාශනය, නවකතාව හා සමාජය, සාහිත්‍ය  විචාර සටහන, ජාතික සාහිත්‍යය හා වෙස්සන්තර, සමාජ ප්‍රගතිය හා සාහිත්‍යය, සාහිත්‍ය නිර්මාණයේ මුල් පොත, දෛවයෝග විචාරය, නූතන සිංහල නවකතාවට සංස්කෘතිය පසුබිම
 ළමා පොත්
ඉස්සරහා බලන්නෝ, ඩිංගිරි, ඉරුණු බළලා, මිහිබට සුරපුර, රුවන් කුමාරි, ඩං ඩං ඩඩං ඩං   

කුමාරතුංග මුනිදාස(Kumaratunga Munidasa)

කුමාරතුංග මුනිදාස(Kumaratunga Munidasa)

ජීවන තොරතුරු
කුමාරතුංග මුනිදාස වර්ෂ 1887 ජුලි මස විසිපස්වන දින(25) උපත ලැබීය. එය සිදුවී ඇත්තේ දික්වැල්ලේ, හිදගස් ආරේ කුමාරතුංග මුනිදාසයන්ගේ නිවසේදීයි. ඔහුගේ පියා සුප්‍රක්‍රට ආයුර්වේද වෛද්‍යවරයෙක් වූ දොන් අබියෙස් කුමාරතුංග හා මව වූයේ පලච්න්නගේ දෝන ගිමාරා මුතුකුමාරණ මහත්මියයි. මේ දෙපළට දාව දරුවන් දහතුන් දෙනකු සිටි අතර දොළොස්වැන්නා ලෙස උපත ලැබුවේ මේ සියවස තුළ අප රට තුළ පහළ වූ උදාරතර පුද්ගලයකු වූ කුමාරතුංග මුනිදාස කුමරුයි.
කුමාරතුංග මුනිදාසගේ මුල්ම පාසල දික්වැල්ලේ බෞද්ධ පාඨශාලවයි. දෙවැනිව ඔහු බලපිටියේ උසස් විද්‍යාලයේ සවැනි වසරට ඇතුළු විය. (6 ශ්‍රේණිය) නැවතත් ඔහු මාතර ශාන්ත තෝමස් විදුහලට ඇතුළු වී ඉංග්‍රීසි හත්වැනි ප්‍රමාණය දක්වා ඉගෙනුම ලැබීය. (7 ශ්‍රේණිය) කිසියම් අවාසනාවක් නිසා මුනිදාසයන්ගේ පාසල් ගමන නතර විය. ස්වයං අධ්‍යාපනය සඳහා උපන් දරුවකු වූ ඔහුට ගුරුවරයකු අවශ්‍ය නොවුයේ සිය පියා විසින් රැස්කොට තිබූ පොත්පත් සඟරා කියවා දැනුම වැඩිදියුණු කොටගත් නිසාය. තම ජීවන තොරතුරු හෙළිකෙරෙන එතුමාගේ “‍පියසමර“ කාව්‍යයේ ඒ තතු මෙසේ සටහන් වී තිබෙනවාග
මුලැ පටන් ඔබ ගත් හැම පත් රටේ
පිළිවෙළින් බැඳැ එක් කොටැ පොත් ලෙසින්
එකල පේයැ කියු ගෙයි වූ නමුත්
එහි අළුත් කොයි දැයි නැත දැන් දැනුම්
ඒ සැම පත් බැලුයෙම් මම නම් ලදී
ගෙදර ගොස් වැදැ උන් සමසේ නිකම්
සපල ව් මැ යැ ඉන් ඔබ ගත් ඒ තැන් සොඳුරුයි පලක
භාෂා දැනුම දියුණු කරගන්නට සිතූ ඔහු සතු බස(සංස්කෘත භාෂාව) එවකට වැවුරුකන්නල පන්සලේ වැඩ විසූ ගරු කහවේ ආනන්ද හිමියන් යටතේ හදාරා තම ආශාව ඉෂ්ට කරගනු ලැබුවා වර්ෂ 1904 දී කොළඹ ගුරු අභ්‍යාස විද්‍යාලයට අනුබද්ධ ද්විභාෂා පාසලේ ශිෂ්‍ය ගුරු තනතුරකට පත්වුණා. මුනිදාස කුමාරතුංගයන් අභ්‍යාස විද්‍යාලයේදී විභාග හයකට මුහුණ දී වැඩිම ලකුණු ගෙන ප්‍රථම ස්ථානය ලබාගත්තා. 1909 නොවැම්බර් මාසයේ සිට කඩුගන්නාවේ ද්විභාෂා විද්‍යාලයේ මුල්ගුරු තනතුරට මෙතුමාව පත් කරනු ලැබුවා. එම කාලයේදීම මුනිදාසයන් ප්‍රවීණ පණ්ඩිත විභාගයේ, ප්‍රාරම්භ විභාගයට පෙනී සිට වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යයා ලෙස තෑගිද ලබා ගනිමින් සමත් වුණා. ඔහුට වයස අවුරුදු 30දී එනම් 1917 දී ඔහුව පාඨශාලා පරීක්‍ෂක තනතුරට පත් කෙරුණා. නමුත් 1922 දී ඉන් ඉවත් වුණා. ඉන්පසු පරම විඥානාර්ථ බෞද්ධ සමාගමට අයත්ව පැවති නිට්ටඹුව ගුරු විදුහලේ අධිපති ධූරයට පත්වුණා. මෙතුමා බලපිටිය ගුරු අභ්‍යාස විද්‍යාලටයේ අධිපති බවටද පත්විය. බලපිටිය අභ්‍යාස විද්‍යාලයේ ඉවත් වූ මෙතුමා “සිංහල සමාජය“ නම් සංවිධානයක් බිහිකර ගත්තා, එය පසුව “සිංහලාලය“ නමින් වෙනස්විය. ඉන්පසුව “හෙළ හවුල“ පිහිටුවා ගත්තේය.    

නිර්මාණ
මා දෙස හෙළ දෙස
මා රැස හෙළ රැස
මා බස හෙළ බස
වේ මගෙ මතැ හිස
-හෙළ තෙරුවන-

වියදමින් ඔබගේ සපයා බෙහෙත්
ලෙඩ දුකින් පෙළුණන් හට දී නිකම්
දිළිඳු වූ කරුණින් වෙද සත් පුතුන්
හට නුදුන් බව මුත් අද වෙයි වෙනස්
(පිය සමර 55 පැදිය)
සුදුසු මෙහෙයෙකැ
යෙදෙව තැන දැකැ
එ ලෙස එඩි රැකැ
ගනුත මිනිසෙකැ

සිත නිදහස් බවට නොපමුණුවා පළමු කොට
නිදහසට සිය රට
ළමුයි යෙති දදහු ඇතියෙන් කට
(විරිත් වැකිය)
පෙර ‍හෙළයෝ රණ ගොසින්
ඉපි ලැ නටති මහ ගොසින්
අද සී හෙළයෝ ඇසින්
තෙමෙති යුදෙක යන බසින්
රටට දැයට හිත දපා
මඳකට දිවි ලොබ ලොපා
කළ මෙහෙයක් නැති දෙපා
හෙළයකු දැකුමත් එපා
(හෙළ මියැසිය)
“සිරිමත් මගේ සකි
යහපත් ළමයෙකි
නුවණත් ඇත්තෙකි
වැඩටත් සමතෙකි“

මඩවල එස් රත්නායක (Madawala S Rathnayake)

මඩවල එස් රත්නායක (Madawala S Rathnayake)

ජීවන තොරතුරු
සිරිසේන රත්නායක උපන්නේ 1929 පෙබරවාරි 5 වන දින මඩවල දඹදෙණි උඩුකහ දකුණු රෝහලේ දීය. ඔහු  නවකතා, කෙටිකතා හා ගී පැදි රචකයෙක් හා ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකවරයෙක්ද විය.
එතුමා 1947 දී කෑගලු විද්‍යාලීය සාහිත්‍ය සංගමයේ සීගිරි සඟරාවේ සංස්කාරකවරයා වශයෙන් කටයුතු කර ඇති අතර, 1950 දී දිනමිණ කර්තෘ මණඩලයට සම්බන්ධ විය. 1952 දී ලංකාදීප කර්තෘ මණ්ඩලයට බැඳිණි. 1954 දී ගුවන් විදුලි දෙපාර්තමේන්තුවේ සම්පාදකවරයෙක් ලෙස සේවය කළේය. එකල ගුවන් විදුලියේ ජන ගී පර්යේෂණ වැඩසටහන් ආරම්භ කළේ ඔහු විසිනි. මේවා වැඩි හරියක් ඉදිරිපත් කළේ විශාරද අමරදේව මහතා සමඟය. 1982 දී රූපවාහිනි සංස්ථාවේ විචිත්‍රාංග අංශයේ ප්‍රධානියා වූ ඔහු, 1985 දී විශ්‍රාම ගියේය. තවද 1985 – 1987 කාලයේ චීනයේ බෙයිජිං ගුවන් විදුලියේ සිංහල අංශයේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කළේය. සෝමලතා රත්නායක මහත්මිය සමඟ විවාහ වූ මෙතුමාට තුෂාර, සුලෝචනා, පුරන්තක, නිපුනිකා යනුවෙන් දරුවන් හතර දෙනෙකි.
නිර්මාණ
නවකතා
  • අක්කර පහ(මුල්ම නවකතාව)
  • පානෙන් අඳුරට
  • අම්බලම් පාලුවෝ
  • දවස් මෙසේ ගෙවී ගියා
  • අක්කයි මායි
  • සිත නැති බඹ ලොව
  • සඳපාන කන්ද කපා
  • අලුත ගෙනා මනමාලී
  • නිල් මල් විල
කෙටි කතා
  • බුදු හිනාව - 1957 (මුල්ම කෙටිකතාව)
  • වැහි වළාකුළු
  • තවලම්කාරයෝ
  • සුවඳ පිරුණු අනාගතයක්
  • නොමළ මල්
  • පහන නිවුවා කටින් පිඹලා
  • මල් මෙන් කඩුපුල්
  • උපන්දා සිට කරපු පව් නැත
 කාව්‍ය
  • පෙම් අමා - 1946(කවි කතාවක්)
  • මාර යුද්ධය
  • රුබයියාට් - 1954 (පරිවර්තන කෘතියකි)
  • හීන හතක් මැද
ගීත රචනා
  • 1964 “ගැටවරයෝ“ චිත්‍රපටයේ ගීත රචනය (සරසවි සම්මානය)
  • “ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්“
  • “තණ්හා ආශා ඔලොගු කරේ ලා “
  • “සඳ පායා සිනාසෙව්“
  • “බඹරෙකු ආවයි“
  • “නීල නුවන් මහනෙල් මල්“
  • “හීන සතක් මැද“
  • “මින්දද හී සර“
  • “සැදෑ කලුවර“
පරිවර්තන
  • 1956 - රොබින්සන් කෘසෝ පරිවර්තනය කිරීම
  • 1954 - රුබයියාට් පරිවර්තනය කිරීම

පියසේන නිශ්ශංක (Piyasena Nissanka)

පියසේන නිශ්ශංක (Piyasena Nissanka)

ජීවන තොරතුරු
පුවත්පත් කලාවේදියෙකු මෙන්ම සාහිත්‍ය රචනයෙකු වන පියසේන නිශ්ශංක මහතා 1889 දී ගම්පහ සියනෑ කොරළයේ කැන්ද ලියද්ද පාළුවේදී මෙලොව උපත ලැබීය. මූලික අධ්‍යාපනය උඩුගම්පොල ද්විභාෂා පාසලෙන් ලබා පසුව කොළඹ ආනන්ද මහා විද්‍යාලයට ඇතුලත් වී උසස් අධ්‍යාපනය ලබා ගත්තේය. ඉන්පසු ආනන්ද විද්‍යාලයෙන් ඉගෙනුම අවසන් කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වූයේ වෛද්‍යවරයකු වීමේ බලාපොරොත්තුවෙනි. වැඩිපුර අධ්‍යාපනය සඳහා පසුව ඉන්දියාවේ කල්කටා නුවර බල්ගේෂියා වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් විය. නමුත් පියා මියයෑමෙන් පසු ලංකාවට ඒමට සිදුවිය.
මේ හේතුව නිසා එතුමාගේ බලාපොරොත්තුව වෙනත් දෙයකට යොමු කිරීමට සිදුවිය. ඒ නිසා එතුමා දිනමිණ පුවත්පතේ භාෂා පරිවර්තකයෙකු ලෙස සේවයට බැඳුනි. පසුව ප්‍රධාන කර්තෘවරයකු බවටද පත්විය. විසිපස් වසරක් කොකඩවා ප්‍රධාන කර්තෘ ලෙස වාර්තා ගතවන අයුරින් සේවය කළේය. 1930 හා 1940 දශකවල නිදහස් සටන උදෙසා හරවත් තතු ලියමින් විශේෂ ලිපි පල කරමින් නිදහස් සටනේ පුරෝගාමියෙකු ලෙස කටයුතු කළ අතර 1930 “සිළුමිණ“ ආරම්භ වීමත් සමග එහි ආරම්භක කතුවරයා වූයේද මෙතුමාය. 1965 දී බෞද්ධ ජනතාව උදෙසා “බුදුසරණ“  පත්‍රයේ ආරම්භක කතුවරයාද පියසේන මහතාය. ඒ වගේම 1969 දී ආරම්භ කළ “සුබසේන“ පත්‍රයේ ආරම්භක කතුවරයා වූයේද මෙතුමාය.
ලේඛන කලාව පිළිබඳ දැනුමක් පාඨක හදවත් තුළ ඇතිකර තම පෑන්තුඩින් ඉදිරිපත් කළ කතුවැකි සමාජයේ දුර්වල තැන් වලට මෙන්ම පාලකයන්ගේ දුර්වල තැන්වලටද පහරක් විය. පුවත්පත් කලාවට පමණක් නොව සිංහල සාහිත්‍යයට අනුපමේය සේවයක් මෙතුමා ඉටුකළේය. ගැමි පරිසරය ප්‍රිය කරමින් ඒ චරිත වලට ගැලපෙන සේ කෙටිකතා නිර්මාණය කළේය. පාලි සංස්කෘතික වැනි භාෂා පිළිබඳවද දැනුමක් ලබාසිටි මෙතුමා “මාච්ඡාකටිකා“ නම් සංස්කෘතික ග්‍රන්ථය “මැටි කරත්තය“ නමින් සිංහලට පරිවර්තනය කළේය. කුමාරතුංග මුනිදාසයන්ගේ “ඇ“ කාරයට එරෙහිව විවිධ ඇරූඬ නම් වලින් දිනමිණ පුවත්පතේ පලකළ අදහස් උගත් සමාජයේ සැලකිල්ලට භාජනය විය. පැරකුම් සේන, බාසුරු, පිටිසරයා ඇරූඬ නම් විය.
මේ අයුරින් සිංහල සාහිත්‍යයට මෙන්ම පුවත්පත් කලාවටද විශාල සේවයක් ඉටුකළ මෙතුමා 1970 ඔක්තෝම්බර් 11 වැනිදා අප අතරින් සමුගත්තේය.
නිර්මාණ
කෘති
  • හීන් හාමිනෙ
  • ඔය බඩ ගෙදර
  • වදුල
  • ගිනි සිසිල
  • දිවමල් දිවිසළු
  • පරිවර්තන කෘති
  • මැටි කරත්තය 

ජී.එච්.පෙරේරා (G.H. Perera)


ජී.එච්.පෙරේරා (G.H. Perera)

ජීවන තොරතුරු
කොළඹ යුගයේ විසු සුප්‍රකට කාව්‍ය රචකයෙක් වු ජී.එච්.පෙරේරා මහතා 1896 නොවැමිබර් මස 3 වැනිදා උපත ලැබීය. බොරැලැස්ගමුවේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙන් අධ්‍යපනය ලබා ගුරු වෘත්තියට පිවිස උප ගුරුවරයෙක් ලෙස නිකපේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාවේද විදුහල්පතිවරයෙක් වශයෙන් කිරුළපන බෞද්ධ මිශ්‍ර පාඨශාලාව, කොල්ලුපිටියේ ජිනරාජ විද්‍යාලය හා මුල්ලේගම බෞද්ධ මිශ්‍ර පාඨශාලාව යන විද්‍යාලවලද සේවය කළේය.
ප්‍රවීණ ගුරුවරයෙකු මෙන්ම සාහිත්‍යධරයෙක් බවටද පත්වු මෙතුමා ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික ප්‍රබෝධය උදෙසා කාව්‍ය නිර්මාණය කළේය. සිංහල ජාතිය,සරසවි සඳරැස,සිංහල බෞද්ධයා,කවීන්ද්‍ර,ස්වදේශ මිත්‍රයා වැනි පුවත්පත් හා සඟරාවලට මෙතුමා මුලින්ම පද්‍ය නිර්මාණය කළේය. මෙතුමාගේ නිර්මාණ උපහාසය හා හාස්‍ය රසයෙන්ම යුක්ත විය. ලක්දිව ඉතිහාසය හා සංස්කෘතිය අළලා ලියන ලද ගද්‍ය කෘති කිහිපයක්ද වෙයි. හෙලදිව අභිදානය එවැන්නකි. ඒ ලෙසම ආගමික අතින්ද ජනප්‍රියත්වයට පත්වු භක්ති කාව්‍යයක් ලෙස බුද්ධ ස්ත්‍රෝත හෙවත් බුදුරජාණන් වහන්සේ නැමති කාව්‍ය හඳුන්වා දිය හැකිය. සමස්ත ලංකා ජාතික ගුරු සංගමයේ හා සමස්ත ලංකා සිංහල කවි සමිමේලනයේ සභාපති ලෙසද අගනුවර තරුණ කවි සමාජයේ අනුශාසකවරයෙකු ලෙසද කටයුතු කළේය. මෙතුමා හිටිවන කවි කීමෙහිද දක්ෂයෙක් විය.
මේ අයුරින් සිංහල සාහිත්‍යයට සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ මෙතුමා 1948 සැප්තැමිබර් 18 වැනිදා ලක් මවගෙන් සමුගත්තේය.
නිර්මාණ
පද්‍ය පන්ති
  • බේබදු ගෙදර,පරලොවට පණිවිඩයක්,සුදුඅන්තුවා,කුරක්කන් හේන බුද්ධ ස්තෝත්‍ර හෙවත් බුදුරජාණන් වහන්සේ
පද්‍ය කෘති
  • වරකා මදුලු
ගද්‍ය කෘති
  • හෙළදිව අභිදානය

සෝමවීර සේනානායක (Somaweera Senanayaka)

ජීවන තොරතුරු                            
සිංහල සාහිත්‍ය කලාවට සුවිශේෂ වු සේවයක් කළ සෝමවීර සේනානයක මහතා 1944 වර්ශයේ නොවැම්බර් 25 වන දින උපත ලැබීය. මෙතුමාගේ පියා ඵමි.ඵන් සේනානායකය. මව ලිනිය කුමාරගේ ලීනී පෙරේරාය. කෑගල්ල දිස්ත්‍රික්යේ පිහිටි ඇපලපිටිය බැලවාන මෙතුමාගේ ගමය. ගාමිණි සේනානායක හා පැරකුම් සේනානායකද   මෙතුමාගේ සොහොයුරන් දෙදෙනා විය. මෙතුමා මුලින්ම පාසැල් ගියේ කුඩාගම කණිටු විදුහලටය. ඉන්පසු ඇපල පිටිය විදුහලටත් රැවන්වැල්ල රාජසිංහ මැදි විදුහලටත් ඇතුළුවී ශිල්ප හැදෑරීය. විද්‍යෝදය විශ්ව විද්‍යාලයට ඇතුළුවී ශිල්ප හැදෑරීය.විද්‍යෝදය විශ්ව විද්‍යාලයට ඇතුළු වු සෝමවීර මහතා 1966 දී හා 1976 දී ශාස්ත්‍රපති උපාධිය ලබාගන්නා ලදි.1970 දී සාහිත්‍ය නිර්මාණ පිළිබඳ ඩිප්ලෝමා උපාධියද ලබාගන්නා ලදි. 1972 දී සෝමවීර මහතා බොරලැස්ගමුවේ රූපා ලාලනි බමුණු ආරචිචි සමග විවාහ වී පුතෙකුගේ හා දියණියගේ පියෙක් විය. පුතා අකලංක විශ්වමිත්‍ර වු අතර දුව මධුභාෂිණි සේනානායක විය.
 මෙතුමා වෘත්තිය වශයෙන් කලාවට සමිබන්ධ විය. පුවත්පත්,සඟරා ලේඛකයකු ලෙසද කෙටි කතා, නවකතා හා චිත්‍රකතා හා චිත්‍රකතා රචකයෙකු ලෙසද ළමා පොත් කතුවරයෙකු ලෙසද විචාරකයකු ලෙසද පරිවර්තකයකු ලෙසද ටෙලි නාට්‍ය රචකයකු ලෙසද වෘත්තිය වශයෙන්ද සේවාවන් ඉටු කරයි. ඵ් වගේම චිත්‍රපට තිර රචකයෙකු වන ඵතුමා රූපවාහිනි වැඩසටහන් අධක්‍ෂකවරයෙකු ලෙසද කටයුතු කරයි. සරසවිය,දිනමිණ ආදී පුවත්පත් වල උප කර්තෘ වරයෙකු වන අතර නව යුගයෙහි ප්‍රධාන කතෘ ලෙස සේවය කරයි. මිනිස් හදවත් තුළට බුදු දහම ව්‍යාප්ත කිරීම සඳහා මෙතුමා විශාල කැපවීමක් කරයි. රූපවාහිනියට සමිබන්ධ වු සෝමවීර සේනානායක මතින් තොර බෞද්ධ සමාජයක් බිහිකිරීමට තම නිර්මාණ ඉදිරිපත් කිරීමට තම නිර්මාණ ඉදිරිපත් කිරීමට පෙළඹිණි. පළිඟු මැණිකේ, දු දරුවෝ, නෑදෑයෝ හා සිත නිවන කතා වැනි නාට්‍ය මෙයට හෝ හොඳ උදාහරණ වේ. ඒ වගේම අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ආගමික සේවාවන්ට දායක වෙමින් දේශනද පවත්වයි.
ජාති, ආගම් භේදයකින් තොරව සම්මාන රැසකින් පුදනු ලැබූ මෙතුමා විශිෂ්ඨ කලාකරුවෙක් ලෙස හැඳින්වීමට පුළුවන.
සම්මාන
  1. 1972 දී මවකගේ ගීතය, 1977 දී යශෝරාවය හා 1983 දී  මැණික් නදිය ගලා බසී යන නව කතාවන්ට හොඳම නවකතා රාජ්‍ය සම්මාන ලැබීය.
  2. 1994 දී ජාතික අමද්‍යප සම්මානයද, මත් ද්‍රව්‍ය නිවාරණ ස්වර්ණ පද්ම සම්මානයද පුදනු ලැබීය.
  3. 2002 සුමති ටෙලි සම්මාන උළෙලේදී හොඳම ටෙලි නාට්‍ය රචනය වෙනුවෙන් උතුරු කුරු සටන සඳහා සම්මාන ලැබීය.                   
නිර්මාණ
විචාර 
  • නිර්මාණශීලි ලේඛනය
  • කෙටි කතා විචාරය සහ නිර්මාණය
  • කෙටි කතා කලාව
  • රූපවාහිනි රචනා කලාව
  • ජි.එච්.පෙරේරා නිර්මාණ විමර්ශනය

ළමා පොත්
  • ලස්සන වස්තුව
  • දඩ මං ඔස්සේ
  • ගඟ අද්දර කැලේ
  • දියෙන් උපන් කුමාරයා
නව කතා
  • ආදරයට බය මිනිස්සු
  • අඹු සැමියෝ
  • මවකගේ ගීතය (1972 හොඳම නවකතාව - රාජ්‍ය සාහිත්‍ය සම්මානය)
  • එක් ටැම් ගෙවල්
  • මතු දවස
  • ඉර හඳ පායන ලෝකය
  • යශෝරාවය (1977 හොඳම නවකතාව - රාජ්‍ය සාහිත්‍ය සම්මානය)
  • බලදේවගේ ලෝකය
සෝමවීර සේනානායක රූපවාහිනි රචනා ඒකාංග ටෙලි නාට්‍ය
  • වෙසක් පහන
  • වින්කල් පැංචා
  • මල් මාවත
  • යොමා නුවන්
  • අපූරු ගම
  • දෙමව්පියෝ
  • දරු සුරතල්
  • නදී තෙර
  • වෙස් බැඳි මිනිස්සු
  • උඩු පිලයි යටි පිලයි
  • තවත් පෙරහැරක්
  • අහළ පහළ
  • අම්මා
  • තාත්තා
  • අඹු සැමියෝ
  • පහන් සිළුව
  • සහෝදරයෝ
  • එහා ගෙදර
  • අපේ කාලේ පාටාචාරාවක්
  • හිත මිතුරෝ
  • අඳුරට එළියක්
  • එක වහල යට
  • අලුත් නෑයෝ
  • ගැල් ගව
  • කන්ද උඩ බංගලාව
  • අම්මාවරු
  • කැපකරු මව්පිය
  • වන්දනා ගමන
  • මලක කඳුළු
  • සහන් එළිය
  • සිත නිවන කතා ටෙලි නාට්‍ය මාලාව
කෙටි කතා සංග්‍රහය
  • සුද්දා පරාදයි
  • භවතු සබ්බ මංගලම්
  • වන්දනා ගමන
මාලා ටෙලි නාට්‍ය
  • පළිඟු මැණිකේ
  • රන් කහවණු
  • මිහිකතගේ දරුවෝ
  • අසල්වැසියෝ - 1
  • අසල්වැසියෝ - 2
  • මවකගේ ගීතය
  • මැණිකේ නදිය ගලා බසී
  • කන්දෙ ගෙදර - 1
  • කන්දෙ ගෙදර - 2
  • චරිත තුනක්
  • ගිරය
  • මට මතකයි
  • දූ දරුවෝ (කොටස් 230)
  • සඳළු තලය
  • අපේ ඇත්තෝ
  • අම්මයා තාත්තායි
  • සිටුවරයෝ
  • නෑදෑයෝ
  • සෙනහෙවන්තයෝ
  • සුබ දවසක
වාර්තා
  • සිරිකත මහිම
  • බුලත් මහිම
  • ජල දහරාවෝ
  • දළදා මාලිගාවේ අවුරුදු සිරිත
  • රම්‍ය අටමස්ථානේ
  • වාසනාවෙ මල් පිපිලා
  • මිටියාවතක
  • පනහ සපිරි රස දහසක්
  • පුන්‍ය භූමි
  • සිරි දළදා පෙරහැර සිරිත
  • පුවත්පතක් බිහිවෙයි
  • සඳේ තනියට පුංචි තරුවක්
  • පිපුණු මලේ රුව
  • යළිත් වසන්තය
  • සවි ශක්ති
චිත්‍රපට තිර රචනා
  • ආරාධනා
  • සූරියකාන්ත
  • ජීවිතයෙන් ජීවිතයක්
  • සත්වෙනි දවස
  • සෙනෙහසක කඳුළු
  • මිහිඳුම් සිහින
  • පෙති ගෝමර
  • පොඩි රාලහාමි
  • මැණික් මාළිඟා
  • තනි තරුව
  • වෑකනදේ වලව්ව
ජීවි සටහන්
අපි තවමත් සංසාරේ
ධර්ම සාහිත්‍ය කලා චූඩාමණී සෝමාවීර සේනානායක
සබරගමු පළාතේ කෑගලු දිස්ත්‍රික්කයේ තුන් කෝරළයේ අටඑග
පරිවර්තන
දිවි සුරකින දැනුම
සම්මාන
සෝමවීර සේනානායක නම් වූ ඔහු ලද උපහාර
ධරම් සාහිත්‍ය කලා චූඩාමාණී ගෞරව නාම සම්මුතිය - අස්ගිරි මහා විහාරය - 2002
හොඳම නවකතාකරුට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය - මවකගේ ගීතය - 1972
හොඳම නවකතාකරුට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය - යශෝරාවය - 1977
හොඳම නවකතාකරුට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය - මැණික් නදිය ගලා බසී - 1983
සබරගමු මහා කලාකරු (ඉඹුලාව ශ්‍රි සේන මහා විදුහල) 2000
නිර්මාණ පද්ම සම්මානය - කොට්ටාව නිර්මාණ සහ සංස්කෘතික සංවිධානය - 1998
ඇගයීම් උපහාර - පිළියන්දල ප්‍රාදේශිය සාහිත්‍ය උත්සවය-2000
National Temperance Award-Best Media Award-1998
 හොඳම තිර රචක- සුමිති ටෙලි සම්මාන උළෙල - 1999
ආදි සිසු උපහාර - රුවැන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යලය - 2000
විද්‍යොදය විභුෂණ - විදුදය/ජ.පුර සහෘද සංසදය - 1999
තුන් කෝරල කලා විභුෂණ - රුවැන්වැල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය - 2000
කැළණි මිටියාවතේ පොදු ජන උදාන උපහාරය
ස්වර්ණ පද්ම සම්මානය - ශ්‍රි ලංකා අමද්‍යප යොවුන් සමාජය - 1994
ධර්ම සාහිත්‍ය කලා චුඩාමාණී ගෞරව නාම සම්මුති ලත් සෝමවීර සේනානායක නම් වු ඔහු සම්බුද්ධ දේශිත ධර්ම මාර්ගය ප්‍රායෝගික ජීවිතයට ජීවිතයට සමීප කරවනු වස් දහසකට අධික නිර්මාණ රැසක් කෙටි කථා, නව කථා, ළමා කථා, ප්‍රබන්ධ කථා, ශාස්ත්‍රී ලිපි, පුවත්පත් ලේඛන ලෙසත්, ඒකාංගි ටෙලි නාට්‍ය, මාලා ටෙලි නාට්‍ය වාර්තා සහ විචිත්‍රංග ලෙසත්, චිත්‍රපට ලෙසත්, ගුවන් විදුලි වැඩසටහන් ලෙසත්, දේශන ලෙසත්, සිංහල සාහිත්‍ය කලාවට ප්‍රදානය කළ ප්‍රවීණ ජනමාධ්‍යවේදී ශාස්ත්‍රපති.
ධර්ම සාහිත්‍ය කලා චූඩාමණී යන ගෞරව නාම සම්මුතිය 2002 ජනවාරි මස 26 වෙනි සෙනසුරාදි ප.ව. 3.00 ට මහනුවර අස්ගිරි මහා විහාරයීය මංගල උපෝසථාගාරයේදී පිරිනමන ලද වගයි.